තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය,නොර්වේ

ඔස්ලෝ බෞද්ධ විහාරයේ කඨින පිංකම් පුණ්‍යත්සවය 2019මේ වසරේ ඔස්ලෝ බෞද්ධ විහාරයේ කඨින පිංකම් පුණ්‍යත්සවය ඔක්තෝම්බර් 19 වන සෙනසුරාදා හා 20වන ඉරිදා යන දෙදිනයන්හි පැවැත්වීමට කටයුතු සුදානම්කර ඇත. සුපුරුදු පරිදි 19 වන දින සෙනසුරාදා පිරිත් පිංකම විහාරස්ථාන භුමියේ පවත්වනු ලබන අතර 20වන දින කටින දානය හා අනෙකුත් වැඩසටහන් පෙර වසරවලදී මෙන් Flåtestad skole හිදී පවත්වනු ලබයිමෙවර කඨින පිංකම සදහා ගරුතර ස්වාමින්වහන්සේලා දස නමක් පමණ සහභාගී වෙනු ලබයි. මේවර කටින පින්කමේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ සුනේත්‍රා ගුරුසිංහ මහත්මිය විසිනි.මිට අමතරව මෙහි ප්‍රධාන වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා පහත සදහන් මහත්ම මහත්මීන් මුලිකත්වය ගෙන ක්‍රියාකරනු ඇත. ඔබට අවශ්‍ය වැඩි විස්තර හා දායකත්වය ලබාදිය හැකි අකාරය එම මහත්ම මහත්මීන් ලබාගත් හැක.1.) පිරිකර – ඩග්ලස් ජයවීර මහතා (දු.අ 97009130)සෑම ස්වාමින් වහන්සේ නමකටම අනෙක් අවුරුදුවල මෙන් අට පිරිකර, සිවුරු පිරිකර හා මුදල් පිරිකර (1000 NOK) වශයෙන් පිරිකර තුනක් පුජා කරනු ලබයි. මේ පිරිකර එක් එක් පිරිකර සදහා ඔබට දායක විය හැකි අතර මෙය වෙන්කරවා ගැනීම සදහා ඩග්ලස් ජයවීර මහතා අමතන්න.2.) ස්වාමින් වහන්සේලාගේ ප්‍රවාහන කටයුතු – රොෂාන් කරුණාරත්නගේ (දු.ක 99541448)වෙනත් රටවලින් වැඩම කරනු ලබන ස්වාමින් වහාන්සේලා ගුවන්තොටුපලේ සිට විහාරස්ථානය දක්වා සහ නැවත විහාරස්ථානයේ සිට ගුවන් තොටුපල දක්වා වැඩමකරවීමේ කටයුතු රොෂාන් ප්‍රසංග මහතා විසින් සම්බන්ධීකරණය කිරීම කරනු ලබන අතර ඔබට ඒ සදහා දායක වීමට හැකි නම් රොෂාන් මහතාගෙන් වැඩිදුර විස්තර ලබාගත හැක.3.) පිරිත් මණ්ඩපය – දේශක කෝට්ටගේ (දු.අ 96857243)පිරිත් මණ්ඩපය සකස් කිරීමේ කටයුතු ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා දින ආරම්භ කරන අතර දේශක කෝට්ටගේ මහතා විසින් සම්බන්දිකරණය කරනු ලබන අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු ඔහුගෙන් ලබාගනන.4.) ස්වාමින් වහන්සේලාගේ දාන කටයුතු හා 20වන ඉරිදා දින කටින දානය – අයෝමි මුතුමනි (දු.අ 41247366)කටින දානයද ඇතුළුව මෙම කාල සීමාව තුල විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේලාගේ දාන මාන කටයුතු අයෝමි මුතුමනි මහත්මිය විසින් සම්බන්ධිකරණය කරනු ලබන අතර ඒ හදහා වැඩිදුර තොරතුරු එම මහත්මියගෙන් ලබාගත හැක.5.) ඉරිදා දින වැඩසටහන සදහා ශාලාව සකස් කිරීම – දේශක කෝට්ටගේ (දු.අ 96857243)විහාරස්ථානයේ සිට අවශ්‍ය ද්‍රව්‍ය ශාලාව වෙත ගෙනයාම හා ඉරිදා දින වැඩසටහන සදහා ශාලාව සකස් කිරීම.6.) ස්වාමින් වහන්සේලා සදහා නවතන් පහසුකම් සකස් කිරීම – ගරු මනිරතන ස්වාමින් වසන්සේ (දු.අ 40580635)වැඩම කරනු ලබන ගරුතර ස්වාමින්වහන්සේලා සදහා නවාතැන් පහසුකම් විහාරස්තානයේ සකස්කරනු ලබන අතර මේහි පිලියෙලකිරීම් හා සම්බන්ධවීමට හා තොරතුරු සදහා ගරු මනිරත්න ස්වාමින් වහන්සේ අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිතමු .මෙවර කඨින පුන්යෝත්සවය සදහා ඔබ සැමට ගෞරවයෙන් අරාධනා කරනු ලබන අතර එය සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු.තෙරුවන් සරණයි!සංවිධායක කමිටුවතිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය